Live TV

 

Swarnavahini

Mobile App

Coming Soon!

News Feed

  • විදුලිසැර වැදී පුද්ගලයින් දෙදෙනෙක් මරුට

    ඊච්චලම්පත්තුව සූර්නගර් ප්‍රදේශයේ කුඹුරු ඉඩමක් තුළදී පුද්ගලයින් දෙදෙනෙකුට විදුලි සැර වැදී තිබෙනවා පොලීසිය පැවසුවේ ඊච්චලම්පත්තුව රෝහලට ඇතුළත් කිරීමේදී මොවුන් මිය ගොස් ඇති බවයි මිය ගිය පුද්ගලයින් වයස අවුරුදු 29 සහ 47 යන වයස්වල පසුවන සූර්නගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් මෙම කුඹුරු ඉඩමේ හිමිකරු ඉඩම වටා අදින ලද අලිවැට අත්වැඩියා කටයුතු සිදු කිරීමේදී ඔහුට විදුලි සැර වැදී ඇති අතර ඔහු බේරා ගැනීමට උත්සහ කළ දියණියගේ සැමියාට ද විදුලි සැර වැදී ඇති බවටයි සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ

  • පාතාලයෙන් මරණ තර්ජන එනවා (VIDEO)

    දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කරන බවට විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් විසින් තර්ජනය කර ඇති බව වාර්තා වනවා. තමාට ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිසියට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටිනවා. තමාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත්කර ඇති බවත් පාතාලය මර්දනය කිරීමට යුක්තිය වැනි මෙහෙයුම් මගින් කටයුතු කිරීම නිසා මේවනවිට පාතාලයෙන් තමාගේ ජීවිතයට තර්ජන පැවතීම හේතුවෙන් සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

  • උත්තර හොයන්න සිසුන් සමග ගුරුවරුත් එකතුවෙන්න ඕනෙ

    සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 23 හැවිරිදි චරිත් දිල්ශාන් හදිසියේ මියයෑම සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍ය බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසනවා. විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසන්නේ මේ සිදුවීමට නවකවදය සම්බන්ධනම් ඊට අදාල සැමට නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි. එමෙන්ම මේවා නැවැත්වීම සදහා ගුරුවරුන් මෙන්ම සිසුන්ද එක්ව කටයුතු කලයුතු බවයි.

  • අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

    අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමසිංහ මහතා සිය සහතිකය සටහන් කර තිබෙනවා අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය අප්‍රේල් මස 08 වැනිදා පැවැත්වූ අතර එහිදී දෙවනවර කියවීමේ විවාදයෙන් පසුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලා ඇති බව සඳහන් අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තෙරව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පසුගිය මාර්තු මස 01 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත වශයෙන් බලාත්මක වනවා

  • වාහන ආනයනයට තිබූ ප්‍රශ්න රැසකට උත්තර

    දැඩි කථා බහක් ඇතිකල වාහන ආනයනය සඳහා පැවති සීමා කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතායි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. මෙමගින් ආනයනය කර නිෂ්කාශනය කිරීමට නොහැකිවී වරායේ තිබූ මෝටර් රථ වර්ග කිහිපයක් නිදහස් කර ගැනීමට හැකියාව හිමිවනවා. නව ගැසට් නිවේදනය අප්‍රේල් මස 29 වන දින සිට ක්‍රියාත්මකයි. මේ අතර ලියාපදිංචි නොකළ නව යතුරුපැදි ආනයනය සඳහා පනවා තිබූ තහනමද ඉවත්කර තිබෙනවා. ඒ අනුව ආනයන බලපත්‍ර ලබාගෙන නව යතුරුපැදි ආනයනය කිරීමට ආදාළව ගැසට් පත්‍රය ද නිකුත් කර ඇති බව සඳහන්.